කේරළ ගංජා කිලෝ 255 ක් කොළඹ ගෙනෙද්දී අසුවෙයි


උතුරු පළාතේ යාපනය වැල්වැටිතුරෙයි, කිලිනොච්චිය පලෙයි හා මන්නාරම ප්‍රදේශයේ  කළ විශේෂ වැටලීම් කිහිපයකදී රුපියල් කෝටි තුනකට අධික කේරළ ගංජා කිලෝ 255ක්   සමඟ සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.

කේරළ ගංජා මෙරටට රැගෙන ඒමට භාවිතා කළ බව කියන ධීවර බෝට්ටු දෙකක් , ගංජා ප්‍රවාහනය කළ බව කියන සුඛෝපභෝගී වෑන් රථයක්  හා මෝටර් රථයක්ද  අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

(1)-(2) (6)-(1) (9)-(1)