(සිතුම් චතුරංග)
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චියේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
බස්රථය තුළ කුඩා ගමන්මළු දෙකක සඟවා එක් සැකකරුවෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑමයක් බැගින් බෙදාගෙන ප‍්‍රවාහනය කරමින් සිටි බව කියයි. සැකකරුවන් යාපනය අච්චුවේලි ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු බව පොලිසිය පවසති.


