දකුණු ඉන්දියාවේ කේරළයේ කුරුලු උණෙහි බලපෑම ශ්‍රී ලංකාවේ ඇති නොවීමට ගැටඹේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැරැසේ.කේරළයේ කුරුලු උණ හැදුණු පාත්තයෝ පහළොස්දහසක් පමණ වනසා දමනු ලැබුහ.
කේරලයේ මස් බිත්තර ආදිය ප්‍රවාහනයද තහනම් කැර ඇත.සංක්‍රමණික පක්ෂින්ගෙන් කුකුළු මස් ආශ්‍රිත ආනයන නිෂ්පාදන වලින්ද මේ රෝගය පැතිර යා හැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය බී ආර් පි ජී රත්නායක මහතා කියයි.
ශ්‍රී ලංකාවට පියඹා එන සංචාරක පක්ෂින් ලගින මන්නාරම යෝධ වැව රක්ෂිතය ඇතුළු සම්බන්ධ පරීක්ෂණ දිගටම සිදු කෙරෙන බවත් ඔහු කියයි.එම කුරුල්ලන්ගේ බෙටි පරීක්ෂා කිරීමද ඊට ඇතුළත් වේ.
දිවයින වටා ධීවරයින් දැනුම්වත් කිරීම සදහා උපදෙස් පත්‍රිකාවක් සැකසීමටද නත්තල් සමයේ දකුණු ඉන්දියාවේ කුකුළු මස් ද බිත්තර හා සුරතල් පක්ෂින් බෝට්ටු මගින් රැගෙන ඒමද වැළැක්විය යුතු බවද ඔහු සඳහන් කළේය.

