(ඉන්දිකා රාමනායක.)
නෙළුව දුරිඇල්ල ප‍්‍රදේශයේ අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ සහන කටයුතු වල නිරතව තිබූ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක සිටි ගුවන් හමුදා සමාජිකයකු අද පෙරවරුවේ හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් හමුදා සමාජිකයා ඉහළ අහසේ සිට කේබලයක් ආධාරයෙන් අවතැන් වු පුද්ගලයකු හෙළිකොප්ටරය වෙත රැගෙන යන අතරතුර මෙම අනතුරු සිදුව ඇති බව ගුවන් හමුදාව කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු ගුවන් හමුදා සාමාජිකයා සහ ඔහු විසින් ඉහළට රැගෙන ගිය පුද්ගලයා කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

