කේපී උසාවි ගේන්නැයි ජවිපෙ උසාවි යයි


ඉන්දියා හිටපු අගමැති රජීව් ගාන්ධි ඇතුළු ඝාතන ගණනාවකටම වග කිවයුතු බව කියන කොටි සංවිධානයේ වත්මන් නායක කුමරන් පද්මනාදන් නොහොත් කේපී වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේය.

කේ පී නම් කිහිපයකින් පෙනී සිටිමින් කොටි සංවිධානයට අවි සැපයූ ප්‍රධාන පුද්ගලයාය.

මහින්ද රාජපක්ෂ රජයෙන් ඔහු මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. දැන් ඔහු මුලතිව්හි ළමා නිවාසයක් පවත්වාගෙන යයි.

පොලිස්පති, යුද හමුදාපති, ආරක්ෂක ලේකම් සහ ආගමන විගමන පාලක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.