කේට් කුමරියගේ උපන්දිනය


1405962237_kate-middleton-prince-william-george-zoom    

 

ජනවාරි 9 දා කේට් මිඞ්ල්ටන් නොහොත් කේම්බි්‍රජ් ආදිපාදවරිය ඇගේ 34 වන උපන්දිනය සැමරුවාය. ඒ දිනයේ ඇය සැන්ඩි්‍රන්හැම්හි සාන්තමේරි මග්දලේනා දේවස්ථානයේ උදෑසන දේව මෙහෙයට සහභාගි වෙන්නට යාම සියලු දෙනාම පුදුමයට පත් කරන්නට සමත් විණි. ඇය එහි ගියේ මව කැරොල්, පියා මයිකල්, නැගණිය පිපා සහ මල්ලී ජේම්ස් සමඟය. ඇගේ ආගමනය පිළිබඳ ඉඟියක් හෝ කිසිවෙකුට දී නොතිබිණි.

 

The Duke And Duchess Of Cambridge Diamond Jubilee Tour - Day 4

Kate-Middleton-Style
දේව මෙහෙයෙන් අනතුරුව ඇය විලියම් කුමරා සමඟ ගියේ රණවිරුවන් සැමරීමේ උත්සවයකටය. පළමු වන ලෝක යුද්ධය නිමා වී අවුරුදු 100ක් ගතවීම මෙම සැමරුමේ අරමුණ වී තිබිණි. මියගිය රණවිරුවන් වෙනුවෙන් මල් කළඹ තැන්පත් කිරීම සඳහා කේට් සහ විලියම් සමඟ මහ රැජින ද සහභාගී වූවාය.
කේට් ඇගේ උපන් දිනය වෙනුවෙන් කරන්නට නියමිත කාර්යයන් පිළිබඳව කිසිදු පුවතක් පළ වී තිබුණේ නැත. එහෙත් ඇය විලියම් කුමරා සමඟ නිස්කලංක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූවාය.


“අවුරුදු 34ක් වුණත් ඇගේ සුන්දරත්වය යන්තමින්වත් අඩු වෙලා නෑ”


ඇය පිළිබඳව බොහෝ දෙනෙක් දැක්වූයේ එවන් අදහස්ය.


මේ වසරේ වසන්ත කාලයේදී රාජකීය යුවළ ඉන්දියාවේ හා භූතානයේ සංචාරයක යෙදීමට නියමිතය. ඔවුන් භූතානයට යන්නේ පළමුවෙනි වතාවටය. ඔවුන් මේ සංචාරයට දරුවන් කැටුව යන්නේ නැත.


මේ අවුරුද්ද කේට් මිඞ්ල්ටන්ට වැදගත් වසරකි. ඇගේ වැඩිමහලු පුතණුවන්වන ජෝර්ජ් කුමරා සිය පාසල් දිවිය ඇරඹුවේ ඇගේ උපන් දිනය යෙදුණ සතියේ ආරම්භයේදීය.


ජෝර්ජ් කුමරාගේ වයස මේ වනවිට අවුරුදු දෙකහමාරකි. ඔහු ඇතුළත් කරන ලද්දේ නෝෆෝක්හි ඉහළ මධ්‍යම පාන්තික ළදරු පාසලක් වන වෙස්කර්ට් පාසලටය. අනාගත රජෙකු වුවත් ජෝර්ජ් කුමරා දිස් වූයේත් ප්‍රථම දින පාසලට යන සාමාන්‍ය බි්‍රතාන්‍ය දරුවෙකු ලෙසින්මය.


චාල්ස් කුමාරයා සහ සොහොයුරත් ඉගෙනුම ලැබුවේ ඈත ස්කොට්ලන්තයේ ගෝර්ඩොන්ස් ටවුන් නේවාසික පාසලේය. එහි නීතිරීතිවල දැඩි බව නිසාදෝ චාල්ස්, විලියම් සහ හැරී කුමරුන් ඇතුළත් කළේ ඊටන් විද්‍යාලයටය. එය ද බි්‍රතාන්‍යයේ ඉහළ පෙළේ පුරවැසියන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලකි. විලියම් සහ කේට් විසින් සිය පුතු සාමාන්‍ය පාසලකට ඇතුළත් කිරීමට තීරණය කිරීම පුවත් මවන්නක් බවට පත්ව ඇත්තේ එහෙයිනි.


කේට්ගේ හා විලියම්ගේ දියණිය ඉපදුණේ පසු ගිය වසරේ වසන්ත සමයේදීය. දැන් ඇගේ වයස මාස අටකි. රාජකීය යුවළ ඔවුන්ගේ සිව්වන විවාහ සංවත්සරය සමරන්නේත් මේ වසරේදීය.

kate-middleton_glamour_17mar14_rex_b_720x1080

 

                             සටහන - චන්දි කොඩිකාර