මලයාසියා සංචාරයකට ගොස් ශ්‍රී ලංකාව බලා පැමිණෙන අවස්ථාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ දී පොතක් මිලදී ගත් විශේෂඥ වෛද්‍යවරයකුට සිදුවූ අකරතැබ්බයක් ගැන කෑගල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
පොත්වලට බෙහෙවින් ප්‍රියකරන එම වෛද්‍යවරයා ලංකා මුදලින් රුපියල් 1100ක් පමණ වටිනා පොතක් මිලදී ගෙන ඇත්තේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ තීරුබදු රහිත සාප්පුවකිනි. එම පොත ආකර්ශනීය පිටකවරයක් සහ ඉටි කවරයකින් ආවරණය කර තිබිණි. කිසිදු සැකයකින් තොරව මුදල් ගෙවා පොත මිලදී ගත් වෛද්‍යවරයා ලංකාවට පැමිණි පසු පොත දිගහැර බලන්නට විය. ඔහුගේ ඇස් අදහාගත නොහැකි විය. පුදුමයකි. මෙය සාමාන්‍ය තනිරූල් පොතකි.
එවැනි වගකිවයුතු ගුවන්තොටුපළක මෙවැනි වංචනික ක්‍රියාවක් සිදුවීම ගැන ඔහු කනගාටුවට පත්විය. මලයාසියාවට යන සෑම දෙනාටම ඔහු පවසන්නේ මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසයි. ඔහු පවසන්නේ නැවත මලයාසියාවට ගියද එහිදී කිසිදු දෙයක් මිලදී නොගන්නා බවයි.