කෙහෙළියට එරෙහි නඩුව පෙබරවාරියේ


2014 දෙසැම්බර් මාසයේ යකඩ බට 600 ක් මිලට ගෙන ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූදහසක අලාභයක් කළැයි සැකපිට හිටපු මාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ හා විමලසිංහ රූබසිංහට එරෙහි නඩුවේ සාක්කිකරුවෝ දෙදෙනෙක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව පෙබරවාරි 02 වැනිදාට කල්තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින උසාවියේ පෙනී සිටින ලෙස සාක්කිකරුවන්ට නියෝග කළේය.