කෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුල මහික විරරත්න )

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන මස පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (11) තීරණය කෙරිණ.

එසේම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ  විවාදයක්  අගෝස්තු 24 වැනිදා පැවැත්වීමටද  මෙහිදී එකඟත්වය පළවිය.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 සිට 25 දක්වා පැවැත්වේ.