(සුජිත් හේවාජුලිගේ )
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා පැවසුවේ පරීක්ෂණයට සහයක් ලෙස තමා එම ලියකියවිලි බාර දුන් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ තමා කළ පැමිණිල්ලක් අනුව බවද ඔහු සඳහන් කළේය.

