කෙහෙළියගේ ගෙදරත් ඡන්ද බඩු


හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසේ මැතිවරණ සමයේදී බෙදිම සදහා ගෙන ආ බව කියූ භාණ්ඩ තොගයක් පිළිබඳව   විමර්ශනයක්  කළ බව මහනුවර මුලස්ථානය පොලිස් පවසයි.

පොලිසියට ලද තොරතුරක් මත මහනුවර පොලිසිය මගින් (02)දින මහනුවර පිහිටි මෙම නිවස පරික්ෂා කර ඇත.

එහිදි හිටපු ඡනපතිගේ රුව සහිත භාඡන පොත් පත් හා පුටු සෙට් අතුළු උපකරණ ප්‍රමානයක් එම නිවසේ තිබි සෝදිසි කල බවද ඓ්වා මහනුවර පොලිස් මුලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිපුන දෙහිගම මහතා ඇතුලූ නිලධාරින් කල විමර්ශනයේදි  ඒවා නිත්‍යානුකුල බවත් ඓ්වා කිසිවක් අත් අඩංගුවට නොගත් බවද රඹුක්වැල්ල පැවසිය.

එම භාණ්ඩ කොළඹ කුරුදුවත්ත කැප්පැටිපොල නිවසේ තිබි (01) දින මහනුවර පුෂ්පධාන මාවතේ පිහිටි නිවස වෙත ලොරි 2 කින් ගෙනවිත් ඇති බවද පැවසිය.

ඒ අතරම කෙහෙලිය රඹුක්වැල්ල ඇමති තුමාගේ සම්බන්ධිකරන ලේකම් වරයෙකුගේ මාවිල්මඩ පිහිටි නිවසකින් ඩිෆෙන්ඩර්  ජිප් රථයක්ද කටුගස් තොට පොලිසිය මගින් සොයාගෙන ඇත.

රඹුක්වැල්ල මහතා පැවසුයේ මෙම සියලූ භාණ්ඩ නිත්‍යනුකූල බවයි.

‘මා හට මඩ ගැසිමේ අරමුණින් පොලිසියට තොරතුරු සපයා තිබෙනවා. මාවිල්මඩ මාගේ ලේකම්වරයාගේ නිවසේ තිබු ඩිෆෙන්ඩර් රථය ද  නීත්‍යනුකුයි.   මින් මාස තුනකට පෙර ජොන්ස්ටන් අමාත්‍යරයාගෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් ලක්ෂ 180 ට මිලදි ගත් බවත්,  අයිතිය මාරු වීමේ ලියැවිලි අත්සන් කැර නොමැති බවත්, නමුත් මා සන්තකයේ සියලුම ලිපි ලේඛන ඇති බවත් මේ සම්බන්ධව පොලිසියට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.

Sequence-01.Still001 Sequence-01.Still002 Sequence-01.Still004 Sequence-01.Still005