පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ ලලිත් හා කූගන් අතුරුදහන් වීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද නියෝග කළේය.
2011 දෙසැම්බර 09 වැනි දා සිට අතුරුදන් වී ඇතැයි කියන ලලිත් හා කූගන් දෙදෙනා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටිනා බවට ජනමාධ්‍ය ඇමැතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ දිනවල කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළ ඉල්ලීමක් මත 2015 මාර්තු 25 වැනි දා අධිකරණය ඔහුට සිතාසි නිකුත් කර තිබිණි.
එම සිතාසිය අනුව අධිකරණයේ පෙනී නොසිටි ඔහුට පසුගිය වසරේ අන්තිම වරෙන්තු නිකුත් කළේය.
කෙසේ වෙතත් අද අධිකරණයේ ඔහු පෙනී සිටි අතර අධිකරණ භාෂාපරිවර්තක අද නොපැමිණීම නිසා ලබන මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස රඹුක්වැල්ල මහතාට නියෝග කළේය.

