කෙහෙළිය දැන් සම කැබිනට් ප්‍රකාශක නෙවෙයි


ඩයනා උදයංගනී 

 

සම කැබිනට් ප්‍රකාශකවරයෙක් ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැන් සම කැබිනට් ප්‍රකාශකවරයෙක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක, ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

 

භාරකාර ආණ්ඩුවක් පවතින මෙවන් අවස්ථාවක රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර අහෝසි වන බැවින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වී ඇති බව ඇමතිවරයා කීවේය.

 

එබැවින් කැබිනට් මාධ්‍ය  ප්‍රකාශක තනතුර ද ඔහුට අහිමිව ඇත.

 

මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.