
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිය සහ දියණිය එම දූෂණ චෝදනාවට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

