කෙහෙලියගේ යකඩ බට නඩුව මැයි මාසයට


ගිය රජය සමයේ රූපවාහිනී සංස්ථාවට රුපියල් නවලක්ෂ අනූ දහසක ජීඅයි බට ගැනීමෙන් අනවශ්‍ය අලාබයක් සිදු කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා හිටපු සභාපති විමලසේන රූපසිංහට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ලබන මැයි හතර වැනිදාට කල් ගියේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ කාලිං ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලේ පිටපතක් ලබා ගැනීමට නොහැකි වූ බවයි.

ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.