කෙසෙල්වත්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කෙසෙල් වත්ත මාටින් පෙදෙසේ හෝටලයක්දී  ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු  ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ   කඩවත නිවසක් පිටුපස ප්ලාස්ටික් භාජනයක බහා වල දමා තිබියදීය .එම ගිනි අවි සමඟ ජීව  20 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

එම ගිනි අවියේ රහස් අංකය මකා තිබූ අතර එය ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන ලද එකක් බව ද බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලීසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට තොරතුරකට අනුවඉකුත් 20 වෙනි දින කඩවත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25 ක ට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ  නියෝග මත සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කෙසෙල් වත්ත ඝාතනය ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම වෙඩික්කරුවා ලෙසත් අනාවරණය වූ අතර ඊට අමතරව  එම ගිනි අවිය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි .