කෙල්ලගෙන් ගුටි කෑ කොල්ලගේ කන් ඇහෙන්නේ නැතිලු


වාරියපොළ නගරයේ දී තිලිණි අමල්කා (22)ගෙන් කම්මුල් පහර කෑ එක්දරු පියකු වන පොල් කඩන්නකු (32) වාරියපොළ රෝහලෙන් කුරුණෑගල රෝහලට මාරු කරනු ලැබීය.

අමල්කාගේ කම්මුල් පහර කිහිපයක් කෑ ඔහුගේ කන් නෑසෙන බව රෝහලට කියා ඇත.

මේ අතර හෝමාගම පෞද්ගලික සමාගමක සේවය කරන අමල්කා වෛද්‍යවරයකුට යොමු කැර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාරියපොළ පොලිසිය පවසයි.