කෙරී පිළිගන්න මංගල යයි


ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු දූත පිරිසක් අද උදෑසන ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් දිවයිනට  පැමිණියේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් දිවයිනට පැමිණි ජෝන් කෙරී මහතාව පිළිගත්තේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේදී ඔහු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ  සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කැළණි පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමට ද සැලසුම් කර ඇති අතර ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේ දී කෙරී මහතා විසින් දේශනයක් ද පවත්වනු ඇත.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොළඹ නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිත අතර ඒ මහතා හෙට දහවල් දිවයිනෙන් පිටව යාමට නියමිතය.

_H1_0887 _H1_0903 _H1_0922 _H1_0928 _H1_0984 _H1_1023 _H1_1026