( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා පැවැත්වුණු 2013 දකුණු ආසියා ජේ.කේ.එම්.ඕ කරාතේ ශූරතාවලියේදී විවෘත කුම්තේ සටන් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසැලේ 13 වසර වාණිජ අංශයේ පී.ටී රමේෂ් තරංග ශිෂ්‍යයා සමත් විය.
පාකිස්තානය ඉන්දියාව ඇතුළු රටවල් හතක් මෙම තරගය සදහා සහභාගී විය.
ලංකාවෙන් 17 ක කණ්ඩායමක් සහභාගී වූ අතර ශ්‍රී සුමංගල ජාතික පාසලෙන් මෙම ක්‍රීඩකයාට අමතරව ක්‍රිඩිකාවක්ද තේරුණු නමුත් ආර්ථික අපහසුතා නිසා ඇයට සහභාගී වීමට නොහැකි විය.
මෙම ක්‍රීඩකයාටද මුල්‍ය අනුග්‍රහය විද්‍යාලිය ආදි ශිෂ්‍යන්ගෙනි.
රමේෂ් තරංග 2005 වසර සිටම මේ දක්වා නොකඩවා ජාතික පාසැල් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 15 න් පහළ කරාතේ ශූරතාව හිමිකරගෙන තිබෙන බැව් ඔහුගේ පුහුණුකරුවන එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රසාද් මෙන්ඩිස් මහතා පැවසීය.
රමේෂ් තරංග පිළිගැනීමේ උත්සවයක් විදුහල්පති එස්.කේ.එස් සූරියආරච්චි මහතාගේ මූලිකත්වයෙන්විද්‍යාලයේදී පැවැත්විණි.

