කෙන්යා හොර ඇත්දළ ගාලුමුවදොරදී වනසයි


කිලෝ 1528.9 ක් බරැති ඇත්දළ 359ක් ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේදී අඟහරුවාද (26) පුළුස්සා අළු මුහුදට දැමීමට යයි.

කෙන්යාවේ සිට ඩුබායි වෙත රැගෙන යමින් සිටියදී රේගු මාධ්‍ය 2012.512 දින කොළඹ වරායේදී මෙම ඇත්දළ 359 රාජසන්තක කළ බව රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පවසයි.

එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු සහභාගිවීමට නියමිතය.

මෙම ඇත්දළ ගාලු මුවදොරදී පොඩිපට්ටම් කර පුළුස්සා දැමීම සඳහා පුත්තලමේ හොල්සිම් දහනාගාරයට යැවීමට නියමිතය.

අලි ඇතුන් මැරීම අධෛර්යවත් කිරීම සඳහා මේ පියවර ගැනීම ගැන දෙස් විදෙස් පරිසරවේදීහුද වන සතුනට හිතවත් සංවිධානද ශ්‍රී ලංකාව පසසයි.

අප්‍රිකා අලි ඇතුන් මරා කපා ගත් දළ විනාශ කිරීම කිසි ලෙසකින් බුද්ධාගමට සම්බන්ධ කර නොගැන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා කියයි.