නිල් බලකායේ අම්බලන්ගොඩ රැස්වීමට ආ අම්බලන්ගොඩ නගරාධිපති එම්.ඩබ්ලිව්.අරුණ ප්‍රදීප් මහතාට වේදිකාවට නැගීමට ඉඩ නොදුන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහුට බාධා කළේය.
තමා නගරාධිපතිවරයා බව පැහැදිලි කළද ලේකම්වරයා ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ඔහු ඉවත් කිරීමට උත්සාහ කළේය.
වේදිකාවේ මහ ඇමැතිවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටි අතර නගරාධිපතිවරයාට බාධා කරනු දුටු මහ ඇමැතිවරයා ඔහු වේදිකාවට කැඳවා ගත්තේය.

