කෙටල ගැලැවූ ජර්මානුවටත් දඩ


බදුරලියේ රූණකන්ද රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවට ආවේණික කෙටෙල ඇතුළු ශාක එකතු කළ ජර්මන් ජාතික පීටර් නිකුලස්ට හා ඔහුට ආධාර අනුබල දුන් පී.ඒ.නිමල්රත්න හා ඒ.ජී.නිහාල්ට මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් නිලූපුලී ලංකා පුත‍්‍ර මෙනෙවිය දඩ නියම කළාය. ජර්මන් ජාතිකයාට රුපියල් පනස් දහසක්ද, සෙසු අයට රුපියල් තිස් දහස බැගින්ද දඩ නියම විය. කෙටල ශාකය වඳවීමේ තර්ජනයට ලක්වූ ඒක දේශික ශාකයක් බව අගලවත්ත වන පාලක කේ.ජී. ගුණසේකර මහතා උසාවියට කියා සිටියේය.