කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වස විස නැති එළවළු හා පළතුරු ආදිය අලෙවි කරන පොළට රටේ ප්‍රධාන පුරවැසියා අද (7) දෙවැනි දිනටත් පැමිණියේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගනිමින් කථාව කළේ ලේකම්වරයෙකි.
ඔහු අවසර ගත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි යනුවෙනි. එසේ කියනවාත් සමගම එහි අසල සිටි පුද්ගලයෙක් ඔහුට ඇඟිල්ලෙන් ඇන්නේය. ඔහුගේ කථාවට ලොකු විසක් එකතුවූ බව ඔහුට තේරුම් ගියේය. ඒ විස නැති කරගැනීමට දෙවරක්ම ඔහු ජනපති සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලා සිටියේය.
සිරිසේන මහතා එය වැරදීමක් බව තේරුම් ගෙන සිටියේය. ඔහුගේ සිනහවෙන් ඒ බව පැහැදිලි විය.
මෙවැනි සිද්ධි මීට පෙරද වාර්තා විය. ඒත් මෛත්‍රිපාල සිරිසේන ජනපති එවැනි දේ කිසිම ගණනකට ගත්තේ නැත. වැරදීම මිනිස් ගතියක් බවත් අදත් පසක් විය.

