කෘෂි පීඨ සිසුන් 15 දෙනාත් මාර්තු 16 දක්වා රිමාන්ඩ්


(චමිල් රුපසිංහ )

සිසුන් අට දෙනකු නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය දුන් බව කියන සිද්ධියේ සැකකාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨ සිසුන් 15 දෙනා මෙම මස 16 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා අද (02) නියෝග කළේය.

නවක වද පනත යටතේ මෙම සිසුන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බැවින් ඇප ඉල්ලීම මහාධිකරණය වෙත යොමුකරන ලෙස ද දැන්විය.

සිසුන් සතුව තිබු ජංගම දුරකතන 12 ක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය එම ජංගම දුරකතන වල නවක වදයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බවට සැකකරන බව ප්‍රකාශ කළේය.

ඒවා රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස  පොලිසිය කළ ඉල්ලීමකට අධිකරණය අවසර ලබා දුන්නේය.