වී හාල් ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී කෘමින්ගෙන් සිදුවන උවඳුරු වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදිම වෙනුවට ස්වාභාවික ශාඛ උපයෝගී කැර ගනිමින් නිපදවන ලද කැප්සියුලයක් හඳුනාවාදීම කැලණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අංශය සමත්වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය පැවසුවාය.
මහාචාර්යවරයා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම කැප්සියුලය නිර්මාණය කැර ගැනීමට හැකි විය.මෙය මිනිස් සිරුරට බෙහෙවින් හිතකාමී නිර්මාණයකි.
කුරුඳු කොළ,සේර ,පැඟිරිතෙල්,කරපිංචා කොළ,හීන් අරත්ත අල උපයෝගී කරගෙන සගන්ද තෙල් සකසාගනු ලැබේ.එම තෙල් කාන්දු කරනුයේ පිඟන් මැටි වලින් නිම කළ කැප්සියුල වලටය.ඉන්පසු එම ඖෂධිය තෙල් කාන්දු කළ කැප්සියුලය අස්වනු අතරේ සීරුවෙන් තැන්පත් කරනු ලැබේ.
පිඟන් මැටි කිලෝවක් රුපියල් විසිපහක් පමණ මිල වන අතර කිලෝවකින් කැප්සියුල සීයයක් පමණ නිම කැර ඇත.
මෙම කැප්සියුල ධාන්‍ය අතරේ තැබීමෙන් වසරක පමණ කාලයක් අස්වනු කෘමි උවඳුරයකින් තොරව ගබඩා කර ගත හැකිය.
ගුල්ලා,කව්පි ගුල්ලා,ඉපියා, ඇතුළුව ධාන්‍යට වින කරන සියළුම කෘමීන් මෙම ස්වාභාවික ක්‍රමවේදය යටතේ පලවා හැරීමට පිළිවන.
කෘමියා විනාශ කිරීම වෙනුවට පළවා හැරීම මෙම ටැබ්ලට් මගින් සිදු කරන වැදගත් කාරණාවකි.





