කෘමින් ආහාරයට ගන්නලූ


පෝෂණය ඉහළ නංවා ගැනීමට සහ පරිසර දූෂණය වළක්වා ගැනීමට ලෝක ප‍්‍රජාව තම ආහාර වේලට කෘමි සතුන් එක්කර ගත යුතුයයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2013 ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් උපදෙස් දෙයි.
ලෝකය පුරා දෙසිය කෝටියක් පමණ ජනතාවක් දැනටමත් ඔවුන්ගේ ආහාර වේල සඳහා කෘමි සතුන් එක්කර ගෙන ඇති බවත් එම වාර්තාව පවසයි.
බඹරුන්, කුරුමිණියන් සහ වෙනත් කෘමි සතුන් ආහාර සඳහා ඔව්හු ගනිති.
කෘමි සතුන් ඉතා ශීඝ‍්‍රයෙන් බෝවන හෙයින්  ඉහළ ධාරිතාවයක්ද සපයා ගත හැකි බවත් මෙම කෘමි සතුන් ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටින් ප‍්‍රමාණය බහුලව ලැබෙන බවත් කියති. එමෙන්ම මේදය සහ යකඩ අඩංගුය.
හෝටල්වල කෘමි සතුන් ආහාර සඳහා විශේෂ ක‍්‍රම වේදයක් සකස් කළ යුතු බවත් දකුණු අපි‍්‍රකාවේ සමහර දළඹුවන් යොදා සකස් කළ ආහාර සුඛෝපභෝගී මෙන්ම ඉහළ මිලක් ගෙන ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.
කෘමියන්ගෙන් ආහාර නිපදවීම සඳහා බහු ජාතික සමාගම් පෙළඹවිය යුතු බවද එම වාර්තාව පවසයි.