හෝමාගම ප්‍රාදේශීය සභාවේ විදුලි අංශයට කුලී පදනම මත ලබා ගත් කෘ කැබ් රථය වෙනුවට කුලිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ යතුරු පැදියක අංකයක් බව විගණන පරීක්ෂණයේ දී හෙළිවීයැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර බමුණුආරච්චි මහතා කියයි.
උප සභාපති ඉන්දික කෝරළගේ මහතා - විදුලි නඩත්තුව සඳහා සභාව කුලිය ගත් බවට සඳහන් කරමින් කුලපිය ලබා ගැනීම සඳහා රුවන් කපිල නමැති අයකු සභාවට ඉදිරිපත් කර තිබෙන එච් යූ 9848 දරණ වාහනය කැබ් රථයක් නොව යතුරු පැදියක් බව හෙලිවී තිබෙනවා. මෙහෙම වෙන්නේ කෙසේද?
සභාපති ඒ ඩී කුමාරසිරි මහතා - වාහනයේ අංකයේ එක ඉලක්කමක් වැරදීමකින් සටහන්ව තිබෙනවා. එම වාහනය මගේ පුතාට අයත් නොවේ. වාහනයේ නියම හිමිකරුගේ සියලු ලේඛන ලිපිගොනුවේ තිබෙනවා.