(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන් වලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
එලෙස වංචනික ලෙස ලිපි ලේඛන සකසා කෝටි තුනකට උකස් කර තිබූ බී එම් ඩබ්ලිව් සහ කේ එච් ඩී වර්ගයේ වාහන දෙකක් භාරයට ගත් බව එම ඒකකය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාමංකඩ පදිංචි 33 පුද්ගලයෙකි.
මොහු වෛද්‍යවරයෙකු ලෙස කොට්ටාව වාහන කුලියට දෙන ආයතනයෙන් කේ එච් ඩී වාහනයක් ලබාගෙන එය මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටියකට අලෙවි කර තිබියදී සොයාගත් බවත් මුල්ලේරියාව ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින් බී එම් ඩබ්ලිව් වාහනයක් ලබාගෙන එය පිළියන්දල ප්‍රදේශයේ ගණකාධිකාරිවරයෙකුට රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට උකස් කර තිබියදී සොයා ගත් බවත් පැවසේ.