කූරගලින් ප‍්‍රාග් ඓතිහාසික මිනිස් අතක්


බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණීමේදී ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව සැලකෙන මිනිස් ඇට සැකිල්ලක අතක කොටසක් මතුවී ඇතැයි කැණීම් බාර පුරාවිද්‍යා නිලධරයෝ කියති.
එම ස්ථානයේ කැණීම් 9 වැනිදා සිට පුළුල් කරන බවත් ඔවුහු කියති.
කූරගල පුරාවිද්‍යා කැණීම් ආරම්භයේදී ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට කැබලි, ගල් ආයුධ හා බෙලිකටු හමුවිය.
බෙල්ලන්බැදිපැලැස්සෙන් හමුවූ බලංගොඩ මානවයා විසූ කාලයේදී හෝ ඊට පෙර කූරගල මිනිස් ජනාවාසයක් බව මෙම කැණීම්වලදී ඔප්පු වෙතියි පුරාවිද්‍යා නිලධරයෝ අනුමාන කරති.

 කූරගල  කැණිම් අධීක්ෂණය කිරීමට පුරා විද්‍යා  නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් නිමල් පෙරේරා මහතා  පැමිණ සිටී.

 පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් මත මෙම කැණිම් සිදු කෙරේ.

 සබරගමුව පුරාවිද්‍යා  අධ්‍යක්ෂ එම්.පී.කේ  මදුරප්පෙරුම ,කැණිම් නිලධාරී  එච් එම් සමන්  කුමාර  ඇරැගම, කමල් නන්දසිරි,  වැඩ බිමි භාර නිලධාරීන්  වන පුරා විද්‍යා  ගවේශන නිලධාරී ජයන්ත විජේරත්න හේරත්,වසන්ත චන්ද්‍රානි, පර්යේෂණ සහායක ඉනෝකා සඳලතා, යන මහත්ම මහත්මීහු  කැණිම් බාරව සිට්ති.