කූරගලට මහසෙනගක්


ඓතිහාසික කූරගල පුදබිම නැරඹීමට පොසොන් පොහෝදින මහසෙනගක් පැමිණ සිටියහ. ඉපැරණිවූත් පුරා විද්‍යා වටිනාකමකින් අනූනවූද බෞද්ධ පුරාවෘත්ත අනුව මහරහතුන් වැඩසිටි පුණ්‍යභූමියක් ලෙස කූරගල  ප‍්‍රකටය.

ඉපැරණි මිනිස් ඇට සැකිලි පොසිල කොටස් හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරා විද්‍යා කැණීම්වලින් සොයා ගත් මේ පුරාවිද්‍යා භූමියේ  අනවසර ඉදිකිරීම් මේවන විට ඉවත්කර තිබේ. පොසොන් පොහෝ දිනයේ තිස් දහසකට ආසන්න පිරිසක් පුදබිමට පැමිණියහ. තරුණයෝ පිරිසක්  එහි සිසිල් බිම දන්සලක්ද පැවැත්වුහ.