කූරගල පුරා විද්‍යාවේ අනවසර කඩ කඩයි


බළන්ගොඩ තන්ජංන්තැන්නේ කූරගල පුරාවිද්‍යා රක‍ෂිතයේ අනවසර කඩ හතරක් ආරක‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අද ඉවත්කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කූරගල පුරාවිද්‍යා බෞද්ධ ස්මාරකයනට ආසන්නයේ කලක පටන් මුස්ලිම් දේවස්ථානයකි. හැත්තෑව දශකයේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  පුරාවිද්‍යා රක‍ෂිත ප්‍රදේශයක් මායිම් කළේය. එහිදි මුස්ලිම් දේවස්ථානයට පැමිණෙන අයට වෙළ`දාම් කිරීමට බඩු විකිණිම ස`දහාවූ වෙළඳසල් කිහිපයක් එකී රක‍ෂිතයට ඇතුළත් වු බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒවා පල්ලියට යාබදව පිහිටි ඒවාය. පසුව 2005 හෝ 2006 වර්ෂයේදි මෙම රක‍ෂිත බිමේ තිබු වෙළඳසල් ඉවත් කර ගැනීමට එහි අයිතිකරුවන්ට උපදෙස් දී ඇත. වෙළඳසල් දෙකක් හෝ තුනක් ඉවත් කරගත් නමුත් වෙළඳසල් හතරක් ඉවත්කර නොගැනිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවරීය. මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නියෝග වී ඇත්තේ වෙළඳසල් ඉවත්කර ගත යුතු බවයි.

ගඩොල් කළුගල් ආදිය එහි අයිතිකරුවන් විසින් ඉවත් කර ගනිතියි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීය.

මෙම ස්ථානයේ කිසි`දු ගැටුමක් නැති බවත්, සාමකාමිව වෙළඳසල් පවත්වාගෙන ගිය තම කැමැත්තෙන් ඒවා ඉවත්කරගත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.