බලන්ගොඩ ඓතිහාසික කූරගල පුරාවිද්‍යා කලාපයේ කැනීම් හා සංරක්ෂණ ආරම්භ විය.
සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ලෙස බදවාගත් කූරගල අවට ගම්වල තරණයෝ 55 දෙනෙක් මේ සදහා දායක කරගෙන සිටිති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍ක්ෂණය යටතේ කැණිම් හා සංරක්ෂණය ඇරැඹියේය. පුරා විද්‍යා කළාපයේ අනවසර ඉදිකිරීම් හතරක් සම්පුර්ණයෙන් ඉවත් කළ බව පුරා විද්‍යා නිලධාරයෝ පැවසුහ.
ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා කූරගල පුරාවිද්‍යා කළාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දුන්නේ පුරාවිද්‍යා අණ පණත් අනුව කටයුතු සිදු කරනා ලෙසයි.
කූරගල පුරාවිද්‍යා සංරක්ෂණයට බදවාගත් තරුණයින් 55 දෙනාට යුද හමුදා පුහුණුවත් පසුව ලබාදෙන බව සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් පැවැසීය.
කූරගල පුරාවිද්‍යා සංරක්ෂණ ආරම්භ කිරිමේ අවස්ථාවට පුරාවිද්‍යා ගවේෂණ නිල නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධරයෝ සහභාගී වුහ.