කූරගල කැණීමේ දෙවැනි අදියර ඇරැඹේ


බලන්ගොඩ  කූරගල කැණිම්වලදී  ප්‍රාග් ඓතිහාසික  යුගයට අයත්  මිනිස් ඇට සැකිල්ලක  අතක නෂ්ඨාවශේෂ  හමුවීමෙන් පසු  සම්පුර්ණ මිනිස් සිරුර මතු කර ගැනීමේ  කැනීම්  අද (09) ඇරැඹිය.

කූරගල පරුවතය පාමුල මෙම පුරාවිද්‍යා කැණීම සිදු කෙරේ.

වසර දෙළොස් දහසත් විසි දහසත් අතර පැරණි විය හැකි බවට සැලකෙන කූරගල මානව ජනාවසයේ ජීවත්වූවන් මුහුදත් සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.