කූරගල පුරා විද්‍යා රක්ෂිතයක වාර්ෂික පූජාවකට බාධා කිරීමට සංවිධානාත්මක කණ්ඩායම් පැමිණෙන බවට ලද ආරංචියක් අනුව ආරක්ෂාව තහවුරු කළ බව පොලිසිය කියයි.
අතිරේක පොලිස් බලඇණි ගෙන්වා බළන්ගොඩ කල්තොට මාර්ගයේ තංජන්තැන්න හන්දියේ සිටම ආරක්ෂාව තර කළ බවත් හදිසි තත්ත්වයක් මර්දනය කිරීමට අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් සීරුවෙන් තබා ඇති බවද පොලිසිය පවසයි.

