කූරක් ඇනී තරුණයා රෝහලේ


තීන්ත කම්හලක සේවය කරමින් සිටි බද්දේගම ප්‍රදේශයේ තරුණයකුගේ (35) අතේ කූරක් ඇනී කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

කම්ප්‍රෙෂරය ක්‍රියාකරවීමට යාමේදී මෙම කූර ඔහුගේ අතේ ඇනී අත පසාරු කරගෙන ගොස් ඇතැයි කියති.

කරාපිටිය රෝහලේ දී කළ විනාඩි 20ක පමණ සැත්කමකින් පසු තරුණයාගේ අතේ ඇනී තිබූ කූර ඉවත් කළ බව රෝහල් ආරංචි කියයි.

kara_2016125M_4836 kara_2016125M_48362 kara_2016125M_48363 kara_2016125M_48364