කූඹීන්ට මැදිවූ යුරේනි


dfh

 

 

යුරේනි නොෂිකා ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ කිඳුරංගනා, සඳසාක්කි, පියවි, පිංගල දනව්ව, සිහින සින්ඩරෙල්ලා, ඒ330 සහ අයල් ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක් වෙතිනි. අද රංගනයෙන් නිතර දැකගත නොහැකි වුවත් අද ඇය අපට හමුවන්නේ දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනේ නිවේදිකාවක ලෙසය. දැන් යුරේනි රඟපෑමෙන් සමුඅරගෙනද? රඟපාන්නෙ නැද්ද? ඒ ගැන කියන්න ”යුරේනි” සඳැල්ලට ආ මොහොතකි මේ.

  SAN_3443


button යුරේනි මොකද දැන් ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැද්ද?
රඟපානවා. මේ දිනවල කොටස් 40 කින් පමණ යුතු ”කූඹියෝ” ටෙලි මාලාවේ රඟපෑම්වලට දායක වෙනවා.

 


button යුරේනි ඇත්තටම ඔබ කොහොම චරිතයක්ද? වඩා උණුසුම් චරිතයක්ද? සීතල චරිතයක්ද? නැත්නම් පෙරළිකාර චරිතයක්ද?
නිවිච්ච කියලාම කියන්නත් බැහැ, තැන්පත්මත් නැහැ, පෙරළිකාරත් නැහැ. ඒ සියල්ලට අතරමැදි චරිතයක් වෙන්න පුළුවනි.

 


button මොන වගේ කෙනෙක් වෙන්නද කැමති?
හොඳ පුරවැසියකු ලෙස කාටත් බරක් නැතුව, දැහැමින් ජීවත්වීම පරමාර්ථයයි.


button ඒ වෙනුවෙන් තියෙන බාධා මොනවද?
එහෙම බාධා නැහැ. මොකද මම මාව බලාගෙන පාඩුවෙ සිටින කෙනෙක්.

 


button ක්ෂේත‍්‍රයේ ඔබට සිටින්නේ යාළුවෝද? හතුරෝද?
මම හැමෝටම ගෞරව කරනවා. ඒ අයත් මට ගෞරව කරනවා. හැමෝම මට යාළුවෝ. හතුරෝ නැහැ.

 


buttonමේ අද කටයුතු කරන විදියට යුරේනි වැඩ නොකළා නම්? මොන වගේ දෙයක් කරන්න තිබුණද?
එක්කෝ නීතිඥවරියක වෙන්න තිබුණා. නැත්නම් ඔෆිස් එකක ජොබ් එකක් කරන්න තිබුණා.

 


button ඇයි දැන් නීතිඥවරියක වෙන්න බැරිද?
දැන් පාඩම් කරන්න තරම් මනස පොතට යොදවන්න අමාරුයි.

 


button දැන් මනසට මොකද වෙලා තියෙන්නෙ?
මම හිතන්නෙ තැන්පත් වෙන්න කාලය දැන් ඇවිදින්.

 

fgyj

 


button ඒ වෙනුවෙන්ද අද සූදානම් වන්නෙ?
පොඞ්ඩ - පොඞ්ඩ හෙමි හෙමිහිට ඊට සූදානම් වෙමින් සිටින්නෙ. තනියම ජීවිතය ගතකරන කෙනෙක් හැටියට මම මගේ ජීවිතයේ ස්ථාවරය හදාගන්න  ඕනෑ. මටම කියලා තැනක් හදාගන්න  ඕනෑ. හොඳ සහකාරයෙක් ජීවිතයට අවශ්‍යයි.

 


button මේ දක්වා හොඳ සහකාරයෙක් හමුවුණේ නැද්ද?
හමුවෙලා තියෙනවා. ඒත් හිමිකරුවා හමුවෙලා නැහැ.

 


button හිමිකරුවා කොහොම කෙනෙක් විය යුතුද?
මේ විදියයි අරවිදියයි කියලා කියන්න බැහැ. නමුත් මම හිතන විදියට දෛවයෙ ලියැවිලා ඇති කෙනා හමුවුණාම ජීවිතයේ හරි සංකලනය ඇතිවේවි.

 


button ගෙවී ගිය ජීවිතය ගැන කොහොමද අද හිතන්නෙ?
සතුටක් තියෙනවා. තවත් වගකීමකින් වැඩ කළා නම් තවත් හොඳයි කියලත් හිතෙනවා. තාරුණ්‍යයේ සිතිවිලි එක්ක වැරදි අතපසුවීම් වෙද්දී මාව හදන්න කවුරුවත් හිටියෙ නැහැ. නමුත් තනියම පොළවේ පයගහලා, ආත්ම ගරුත්වය ඇතිව හරි විදියට කටයුතු කරලා මහන්සියෙන් ලොකු දුරක් ඇවිත් කියලා හිතෙනවා.

 


button වැරදි හදන්න හිටියෙ නැහැ කිව්වෙ? මොනවද කළ වැරදි?
ක්ෂේත‍්‍රයට ආවේ පාසැලින් අයින්වූ විගසම වගෙයි. ඒ මුල් කාලයේදී සමහර දේ වෙද්දි මට තරහා ගියා. ඒ නිසාම අහිමිව ගිය දේ තිබුණා. සමහර වෙලාවට එදා මම  ඕනෑවටත් වඩා සැහැල්ලූවෙන් හිතුවෙ. කොහොම වුණත් අද මම ඉන්නෙ හරි ට‍්‍රැක් එකේ, නැත්නම් නියම මාර්ගයේ කියලා හිතනවා.

 


button ජීවිතයේ ඔබ ගරුකරන චරිතය?
නෙල්සන් මැන්ඩෙලා. එයා ජීවිතයේ අවසාන කාලයේදී පවා බලාපොරොත්තු අත්හැරිය කෙනෙක් වුණේ නැහැ. ඒක හරි විශිෂ්ඨ පණිවුඩයක්. බාධක කම්කටොළු තිබුණත්, ඒවාට මුහුණදී ගියොත් ජීවිතය ජයගත හැකියි. එච්චර සිරගත වෙලා හිටපු මැන්ඩෙලා හිරෙන් නිදහස්ව ඇවිත් කිව්වෙ ”මේ අපි පළිගන්න වෙලාවක් නෙවෙයි” කියලයි. එයා ආදරය කළේ හොඳට විතරමයි. එයාට එහෙම කළා කියලා එයා කොහෙන්වත් පලිගන්න ගියේ නැහැ. කොච්චර හොඳ දර්ශනයක්ද එය.

 


button ඔබ ඔබව හදාගන්නෙ කොහොමද?
මම අත්දැකීම් වලින්ම හැදුණු කෙනෙක්. ඒ සියලූ අත්දැකීම් වෙතින් මම වඩා ශක්තිමත් වුණා. සමහරු මා ගැන හිතන්නෙ පිස්සු නටන, බොහොම සැහැල්ලූවෙන් ජීවිතය ගතකරන කෙනෙක් කියලා, ජීවිතය සුන්දරයි තමයි. ඒත් හරි ලස්සන ලෙහෙසි ගමනක් වුණේ නැහැ. අභියෝග වලින් ජයගෙන, තවමත් ජය ගනිමින් සිටින කෙනෙක්. අරමුණ අධිෂ්ඨානය සහ දැක්ම තමයි දැන් මම එල්ලය කරගෙන සිටින්නෙ.

sadun-gamage