මගුල් ගෙදරක කළබලයක් යැයි පොලිසියට ඔත්තුවක් දී එම ඔත්තුව අනුව සරයන්වරයකු එන විට පර දුන් බව කියන තුරුණයකු ගාල්ල පොලිසිය අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය පවසනුයේ එම තරුණයා ජිප් රියටද පහර දී අලාභ හානි කර ඇති බවයි.
ඔහුට සහාය වූ බව කියන තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
ගාල්ල දඩල්ල කූඩුව හංදියේ දී මෙම සිදුවීම සිදු විය.

