කූට ලේඛන සකස් කළැයි අත්තනායකට නඩු?


ජනපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇතැයි  පසුගිය ජනපතිවරණ සමයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තිස්ස අත්තනායක මහතා කූට ලේඛන සකස් කළැයි නඩු පැවරීමට යයි.

රහස් පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවූයේ එවැනි ගිවිසුමක් නොතිබූ බවයි.

සිරිසේන මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස සැකසී යැයි රහස් පොලිසිය ප්‍රකාශ කළේය.