ලෝකයේ දෙවැනි විශාලතම ඩිස්නිලන්තය වු පැරීසියේ ඩිස්නිලන්තය එහි සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා විශාල කැපවීමකින් කටයුතු කරයි.
එසේ වුවද විවිධ අවස්ථා වලදි සිදුවන කාර්මිකදෝෂ හෝ අනපේක්ෂිත අනතුරුදායක අවස්ථා පසුගිය වකවානුවේ ඇති වුවද ඒවා එතරම් බරපතල නොවීය. මෙවැනි පරිසරයක පසුගිය 16 වෙනි බදාදා සවස හැඩිදැඩි කුළු හරකෙක් කුලප්පු වීමෙන් මුළු ඩිස්නිලන්තයම නොසන්සුන් වුයේය.
කුලප්පු වූ කුළු හරකා ඩිස්නිලන්තයේ හෝටල් ආශ‍්‍රිත ප‍්‍රදේශයට ඇතුළුවී හිස හැරුණු හැරුණු අත දුවන්නට වූයෙන් ඩිස්නිලන්තය නැරඹීමට පැමිණි සංචාරකයෝ භීතියට පත් වුහ.
ඩිස්නි ගම්මානයට ඇතුළු වූ මේ හරකා නිව්යෝර්ක්, සෙකෝයා, නිව් ෆෝට් බේ ක්ලබ් යන සංචාරක හෝටල් ආශ‍්‍රිත උද්‍යාන හරහා නැවතත් ඩිස්නි ගම්මානය දක්වා පැමිණ දැවැන්තයාගේ භායනක සෙල්ලම් දැක ගැනීමට සමහරක් විදේශිකයන්ට දුර්ලභ අවස්ථාවක් ලැබුණේය.
අවසානයේ පැය දෙකකට පමණ පසු ඩිස්නිලන්තයේ ආරක්ෂක නිලධාරීන්, ප‍්‍රංශ පොලීසියේ විශේෂ කණ්ඩායමක් හා පශු වෛද්‍යවරු එකතුව කුළු හරකා මෙල්ල කළහ.