
(අංජුල මහික වීරරත්න)
තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ' අනුමත ව්‍යවසාය ' තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තෙල් සාරය, ඔලියොරෙසින් සහ අවශේෂ ආකාරයෙන් ප්‍රතිඅපනයනය සඳහා තෝරාගත් කුළු බඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා වූ ක්‍රියාපටිපාටියට 2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එම කාර්යය සඳහා 2024 අංක 10 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පනවනු ලැබ තිබේ. එකී රෙගුලාසි අනුව තෝරාගත් කුළු බඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා ව්‍යවසායන් කිහිපයක් දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපුරක ගිවිසුම් අත්සන් කර ඇත. එකී ව්‍යවසායන් හට ' අනුමතව්‍යවසාය ' තත්ත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව තෝරාගත් කුළු බඩු ආනයනය හා සැකසීම සහ තෙල් සාරය, ඔලියොරෙසින් හා අවශේෂ ආකාර වලින් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අනුමත ක්‍රියාපටිපාටියේ අවශ්‍යතා සම්පූර්ණ කරන ලද පහත සඳහන් ව්‍යවසායන් හට ' අනුමත ව්‍යවසාය ' තත්ත්වය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- Stay Naturals (Pvt) Ltd.
- Verger Naturals (Pvt) Ltd.
- Plant Lipids Lanka (Pvt) Ltd.
- HDDES Extracts (Pvt) Ltd.

