කුස්සි ලිපේ කසිප්පු සැදේ


සිය නිවසේ මුළුතැන්ගෙයි වතුර කලයක් භාවිතා කරමින්  රහසේ පවත්වාගෙන ගිය කුඩා කසිප්පු ස්කාගාරයක්  සමග  දෙදෙනක් අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය  කියයි

ඇළුමිනියම් කලයක් භාවිතා කරමින්    නිපදවූ කසිප්පු පානය කළ අයට ක්ෂණිකව විෂ විමට පවා ඉඩ ඇති බැවින් මේවන විටත්  මොවුන්ගෙන් මෙම කසිප්පු පානය කළ වුවන් පිළිබඳවත් පොලිසීය පරීක්ෂණ පවත්වයි

මීගහතැන්න මොරගල   ප්‍රදේශයේ  මාස  ගණනාවක සිට මෙම පුද්ගලයින් දෙදෙනා රහසිගතව සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ  පොලිස් විශේෂ බුද්ධි අංශයට  ලැබුණු තොරතුරක් අනුව පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම  මහතාගේ උපදෙස් පරිදි  පොලිස්  සැරයන් (3534) ශාන්ත ලාල් (4579)සමරණායක (59395)සරත් යන මහත්වරු වැටලීම සිදු කළහ.

මිගහතැන්න පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතා