ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ පානදුර ගොරකාන, අරුණ මාවත නිවස හොරු කඩා රුපියල් 315000කට ආසන්න රන් බඩු සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය සිකුරාදා මෙම සොරකම සිදුව ඇති බවත් 44 හැවිරිදි දිනේෂ් දීප්ත මෙන්ඩිස් පානදුර දකුණ පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොදා ඇති බවත් පොලිසිය කියයි.
රන් අත් පළඳනා තුනක්, මුදු හතරක් , රන් මාලයක් සහ රුපියල් පන් දහසක මුදල් ද හොරුන් රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

