කුවේණිය දිය නෑ බව කියන ආණමඩුව - තෝනිගල පිහිටි ඔරුගල ගල් කඩන්නන්ගේ ග්‍රහණයට හසු වී විනාශ වන්නට පටන් ගෙන ඇත.
විජය කුමරු සහ දරු දෙදෙනා තමන් අතහැර පලා ගොස් ඇති බව දැන ගන්නා කුවේණිය ඔවුන් සොයා ලුහු බඳින්නේය. මේ බව දැනගත් විජය කුමරු ආණමඩුවට උතුරින් පිහිටි තෝනිගල දී ඇය එන මඟ සීමා කරමින් ඉරක් ඇන්දේලු. අණ ඉර නමින් හඳුන්වන මෙම ඉර අදටත් තෝනිගල ගල්තලාවේ පැහැදිලිවම දක්නට ඇතැයි ජනප්‍රවාදය කියයි.
අණ ඉර අසලට පැමිණ තමන්ගේ සීමාව අවසන් වී ඇති බව දැනගත් කුවේණිය එම ස්ථානයේ සිට ලතෝනි දුන්නේලු. වර්තමානයේ තෝනිගල යනුනේ හැදින්වෙන්නේ කුවේණිය ලතෝනි දුන් එකී ගල් තලාව බව කියැවේ.
මෙම ගල් තලාවේ පිහිටි ඔරුවක හැඩයක් ගත් පොකුණක් කුවේණිය තම දිය ස්නාන කටයුතු සදහා භාවිතා කළේලු. ඔරු ගල යනුවෙන් හැදින්වෙන්නේ කුවේණිය දිය නෑ බව කියන මෙම පොකුණයි
අපේ අතීත වංශ කථාවේ එක් ස්ථානයක් වු තෝනිගල පිහිටි ඔරු ගල අද ගල් කඩන්නන්ගේ ග්‍රහණයට නතුවී ඇත.

