කුවේණි මාලිගය ළඟින් කාසි මුට්ටියක්


 

බ්‍ර්‍රාහ්මී   අක්ෂර   සහිත, ඉපැරණි   කාසී  135   ක්  සහිත   මැටි    කැටයක්    කල්පිටියේ   සොත්තුපිටිය  වාඩිය  ගොවි  බිමකින්    හමු වී   ඇතැයි    කල්පිටිය  පොලිසිය  පවසයි.

 තම  ඉඩමෙන් මැටි බඳුන ගොඩගත්   එම්.කාදර්. මහතා   කිවේ  තමන්ට  හුනියමක්   කර   ඇතැයි   සිතු  බවයි.

කල්පිටිය  පොලිස්   ස්ථානාධිපති   ප්‍රදීප්    මංජුල   උඩුමලගල  එම කාසී, සහ   මැටි    බදුන  සඳහා    පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට  යැවීය. පුරාවිද්‍යා   ස්මාරකයක්   ලෙස   සැළකෙන ඓතිහාසික අල්ලි රාණි  මාලිගයේ    නටබුන්   පිහිටා   ඇත්තේ   මෙම ස්ථානයේ   සිට   කිලෝ    මීටර  තුනක්    පමණ   නුදුරිනි. කුවේණිය  එහි  වාසය කළ බව  ජනප්‍රවාදයේ  කියයි.

 

 

DSCN0635 DSCN0653 DSCN0655