කුවේට් හී ශ්‍රී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වෙසක් වැඩ සටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එහි දෙවැනි ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා කියයි.
23 සහ 24 යන දෙදින තුළ මෙම වැඩසටහන් පැවැත් වීමට යයි.
23 වැනි දින දන්සලක් සහ ධර්මදේශනයක්ද පැවැත්වේ. 24 වැනි දින ශීල ව්‍යාපාරයක් සහ වෙසක් තොරණක්ද ප්‍රදර්ශණය කෙරේ. මස්තැන්නේ විජිත හිමියන් ධර්මදේශනය පැවැත්වීමට නියමිතය. වෙසක් තොරණින් කුණ්ඩලකේෂී ජාතක කථා වස්තුව ප්‍රදර්ශනය කැරෙයි.
ක්වේට් හී ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්.එම්.විජයරත්න මහතාගේ උපදෙස් මත මෙම වෙසක් වැඩ සටහන් ක්‍රියාත්මක වෙයි.