කුවේට් ලාංකිකයෝ ලක්ෂ 12ක ශිෂ්‍යත්ව දෙති


යුද්ධයේ දී ආබාධිත වූ, අතුරුදන් වූ සහ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දූ දරුවන් සිය දෙනෙකුට කුවේට් ශ්‍රී ලංකා එකමුතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් කොළඹ නාවික හමුදා ශ්‍රවණාගාරයේ දී අද (19) රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

සිසුවෙකුට වසරකට රුපියල් 12,000 බැගින් හිමි වේ. කුවේටයේ රැකියා සහ ව්‍යාපාර කරන  ශ්‍රී ලාංකිකයින්ගේ ධන පරිත්‍යාගයෙන්  මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට මූලික වනුයේ කුවේට් ශ්‍රී ලංකා එකමුතුවේ සංවිධායක ගාමිණී විෙජ්රත්න මහතා ය. ඔහු ද, උප සභාපති උපුලාංගනී මාලගමුව මහත්මියද ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වූහ.

_MG_7823 _MG_7830 _MG_7836 _MG_7842 _MG_7857 _MG_7865