කුවේටයේ කසිප්පු පෙරූ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත (20) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.
ෆයිහා ප්‍රදේශයේ ස්ථානයක සිට සැකකාර ලාංකික කාන්තාව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් නිෂ්පාදිත කළා යැයි කියන මත්පැන් බෝතල් 400 ක්,බැරල් 10ක්,මත්පැන් පෙරීම සඳහා භාවිතා කරන දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද කුවේට් පොලීසිය විසින් එම ස්ථානයේ තිබියදී සොයාගෙන තිබේ.