කුවේටයේ කසිප්පු පෙරයි : ලාංකිකයා කූඩුවට


කුවේටයේ සිය නවාතැන්පොළේදී හොරට මත්පැන් පෙරී යැයි චෝදනා මත ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයෙක් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේට් ටයිම්ස් පුවත්පත ඊයේ (26) වාර්තා කළේය.

මෙම ලාංකිකයා කුවේටයේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි තම නවාතැන්පොළේදී හොර මත්පැන් පෙරද්දී හදිසි ගිනි ගැනීමක් ඇතිව මහල් සංකීර්ණය පුරා පැතීර යාමත් සමඟ හොරේ අසුවී ඇත.