කුවෙට් රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හා රැකියා නියෝජිතයන්ගේ හිරිහැර සහ වදහිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවෝ 33 දෙනෙක් කුවේට් යානයකින් අද කටුනායකට ගෙන එනු ලැබූහ.
මොවුන්ගෙන් බහුතරයක් හාම්පුතුන්ගෙන් වූ කරදර නිසා නිවෙස්වලින් පැණ රැකවරණ පැතූවෝ වෙති.
වලංගු ලියවිලි නැතිව කුවේට්හි සරබත් කෑවෝ ද ඒ අතර වෙති.
තවත් කතුන් 200ක් පමණ එරට සිර දඬුවම් විඳිතියි ඔවුහු කියති.