කුලුනට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට පහරදීලා


( ජයන්ත  සමරකෝන්) 
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට කුලුන මත නැගීමට පෙර  සිරකුටිවල දොරගුළු කඩා  බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද පහරදී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.


 රැදවියන් සිය දෙනකු පමණ  අද උදෑසන 7 ට පමණ  එහි කුලුනු මත නැග උද්ඝෝෂණයක් ඇරැඹු අතර  බන්ධනාගාරය තුළ ට යොදවා ඇති  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය අරඹා තිබිණි. 


මේ වන විටත් උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරතව සිටින අතර එහි සිටින කාන්තා රැදවියන්ද ඔවුන්ට සහය ලබා දෙන තොරතුරු වාර්තා වී තිබේ. 


බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැමිණ සිය ගැටළු වලට විසඳුම් ලබා දෙන තෙක් තමන් කුලුනෙන් නොබසින බව රැදවියෝ පවසති.